හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට මරණ දඬුවම: වරද පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම.

Date:

රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ LNW :

2012 වර්ෂයේදී , පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඇඹ්ලිපිටිය මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබෙන බව වාර්තා වේ.

2012 වර්ෂයේදී ගොඩකවල පොලිස් වසමේ හටන්ගල ගොඩකවෙල ලිපිනයේ පදිංචි අමිල ප්‍රදීප් පුෂ්ප කුමාර මාරගහවත්ත යන අය පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවති වාර්තා වන අතර, 45/2020 දරන නඩුවේ චූදිතයා වූයේ වැලි ගෙපොළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී වරයෙකු වන කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබී යන අයට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණී.

මෙම නඩුවේ තීන්දුව ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස්.රාගල මහතා විසින් ලබාදුන් අතර ඒ අනුව ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබු අතර, මරණ දඬුවම හිමි වූ අලි බේබි නොහොත් වසන්ත මෙවර 2025 පළාත් පාලන මැතිවරණයේ දී වැලිගේපොළ ප්‍රාදේශීය සභාවට රන්වල කොට්ඨාසයෙන් සර්වජන පක්ෂයෙන් තරග කරනු ලැබුවෙක් බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...