අද දික්වැල්ල එළියට?

Date:

අද ආරම්භ වන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම නිරෝෂන් දික්වැල්ලගෙන් දිනේෂ් චන්දිමාල්ට හෝ කුසල් මෙණ්ඩිස්ට පැවරෙනු ඇතැයි විශ්වාස කරනවා.ඕසට්‍රේලියාවට එරෙහිව ජය ගත් තරගයේදී කොවිඩ් තත්ත්වය නිසා ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා නැවත අද කණ්ඩායමට එක් වන අතර එහිදී ටෙස්ට් පිතිකරුවෙක් ලෙස වගකීම් සහගත ඉණිමක් ක්‍රීඩා කළ කමිදු මෙණ්ඩිස් ද කණ්ඩායමෙන් ඉවත් කිරීම දුෂ්කර නිසා දික්වැල්ල එළියෙන් තැබීමට කණ්ඩායම අභ්‍යන්තරයේ කතා බහක් ඇති වී තිබෙනවා.දීර්ඝ කාලයක සිටම ටෙස්ට් පිතිකරුවෙකුගේ අනන්‍යතාවය නොපෙන්වා ඇති දික්වැල්ලට තමාගේ පෞද්ගලික හැකියාවන් හී දුර්වලකම ද මේ තීරණය ගැන සාකච්ඡාවේදී සැළකිල්ලට බලපා තිබෙනවා.

එසේම මෙම තරගයේදී කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු බල අණිය ශක්තිමත් කළ ප්‍රවීන් ජයවික්‍රම හෝ ලසිත් ඇඹුල්දෙණිය සංචියටවත් කැඳවා නැහැ.ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි අලුත දැක් වූ දස්කම්වල අඩු වීම මෙන්ම ඔහුගේ පන්දු යැවීමේ රිද්මයේ සහ උපායශිලීභාවයේ ද පසුබැස්මක් පෙන්වන නිසා ගෙවුණු තරගවල ඔහුට කඩුලු හිමි නොවීම ඇඹුල්දෙණියට ස්ථානය අහිමි වීමට බල පා තිබෙනවා.ප්‍රවීන් ජයවික්‍රම ගෙවුණු තරගයේදී කණ්ඩායමෙන් ඉවතට ගියේ කොවිඩ් ආසාධනය වීම නිසයි.ඔහු වෙනුවට කැඳ වූ ප්‍රභාත් ජයසූරිය වාර්තාගත දස්කම් දැක් වූ අතර එම තරගයේ වීරයා ද වුණා.ඒ නිසා මෙම සංචිතයේ දඟ පන්දුවේ ප්‍රධාන බලාපොරොත්තුව බවට ප්‍රභාත්ව පත් වී ඇති අතර ජයවික්‍රම සංචිතයේ හෝ දකින්නට නැහැ.

ගෙවුණු ඔස්ට්‍රේලියා තරගයේදී දෙවන ඉණිම වන විට කොවිඩ් ආසාධනයට ගොදුරු වූ පැතුම් නිශ්ශංක අද කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි මට්ටමකට පත්ව ඇත්නම් ඔහුගේ ස්ථානය සුරැකෙනු ඇති.එසේ නොවන්නේනම් එම ස්ථානය ඔෂධ ප්‍රනාන්දුට පැවරීමට ඇති ඉඩ විශාලයි.ගාල්ල ක්‍රීඩාංගණයේ තත්ත්වය සළකා අද දිනයේදීත් ශ්‍රී ලංකා සංචිතයට එක් වේග පන්දු යවන්නෙක් පමණක් ඇතුළත් කරන්නට අවධානය යොමු වි තිබෙනවා.එම ස්ථානය සඳහා කසුන් රාජිත ට හෝ අසිත ප්‍රනාන්දුට වෙන් වනු ඇති අතර බොහෝ විට ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රි ලංකාව ජය ගත් තරගයේදී කසුන් රාජිත දග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වූ ගාලු තණතීරුව තුළ හොඳින් පන්දු යවා
කඩුලු ලබා ගැනීම නිසා ඒ අවස්ථාව කසුන් රාජිතට හිමීවීමට වැඩි ඉඩක් තිබෙනවා.

ජයග්‍රාහි තරගයේදී ලකුණු අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙණ්ඩිස් එම තරගය පුරාවට පන්දු යැවම සඳහා යොදා ගත්තේම නැතත් ඔහු කණ්ඩායමේ සිටීම වැදගත්.එසේම තව දුරටත් තුන් ඉරියව් දස්කම් ගැන අවධානය යොමු කර පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස මහේෂ් තීක්ෂණගේ තැන දුනිත් වෙල්ලාලගේට හිමි වීමටත් ඉඩ තිබෙනවා.

කෙසේ නමුත් උප මහද්විපයේ දඟ පන්දු දඟ කරන තණතීරු ගැන හොඳ අවබෝධයකින් සිටින පකිස්තානු කණ්ඩායම පාලනය කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහසු වන එකක් නැහැ.එසේම දඟ පන්දු යවන්නන් හිඟ නැති පකිස්තානු බල ඇණියේ වමත් දග පන්දු යවන නවුමාන් අලී ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගාලු තණතිල්ලේ හොද කල්පනාවෙන් ක්‍රීඩා කරන්නට සිඳු වේවී.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...