ගෝඨා ගෙදර ගිය සේම නන්දලාලුත් ගෙදර යා යුත්තේ ඇයි ?

Date:

2022 මැයි මාසයේදී, ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික රටකින් හුවමාරු පහසුකම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතරතුරදීම නිවේදනය කර සිටියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය ණය ගෙවීම පැහැර හරින බවයි. ණය දෙන්නන්ට නොදන්වා මෙසේ ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම ගැන ඔවුන් කෝපයට පත් විය. ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 78ක නොගෙවූ පොලිය ගෙවීමට දින 30ක සහන කාලයක් ලබාදී තිබියදීත්, මහ බැංකුවට එය ගෙවීමට නොහැකි විය. එය “සුළු ණය පැහැරහැරීමක් – soft default” පමණක් බව මහබැංකු අධිපතිවරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබුණි.

මෙසේ දැක්වූ soft default යන්නහි තේරුම සඳහා හොඳ නිර්වචනයක් සොයා ගැනීමට අපට තවම හැකිවුණේ නැත. මක්නිසාද යත් ණය පැහැරහැරීම විශාල වුවත් හෝ කුඩා වුවත් ණය පැහැරහැරීමක් මය. මෙම සැලසුම් රහිත සහ අනවසර පැහැර හැරීම දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට බලපානවා පමණක් නොව, එය වැදගත් ප්‍රශ්නයක් ද මතු කරයි; එනම් මෙම ණය පැහැර හැරීමේ අවදානම කුමක්ද යන්නයි. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ණය ගෙවීම් පැහැර හැරීමට මහ බැංකු අධිපතිවරයා ගත් තීරණය ආර්ථිකයට බරපතළ හානියක් කර ඇති හේතු ලැයිස්තුවෙන් ඉහළම එකකි.

මෙම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ලෝක ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් බැහැර කර ඇත. පවතින අර්බුදය හේතුවෙන් මෙහෙයුම් තත්ත්වයන් තවදුරටත් පිරිහෙන විට වත්කම්වල ගුණාත්මකභාවය, ඉපැයීම්, ප්‍රාග්ධනීකරණය සහ ද්‍රවශීලතාවය විශාල පීඩනයකට ලක්විය හැකි බව Fitch Ratings සඳුදා ප්‍රකාශ කළ පරිදි නිදහසින් පසු ශ්‍රී ලංකාව මෙතෙක් දැක ඇති නරකම දෙය වන මෙම ආර්ථික අර්බූදය, මීළඟට රටේ විශාලතම බැංකු වල ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කරනු ඇත.

Fitch ශ්‍රේණිගත කිරීමේ ආයතන පැවසුවේ අප්‍රේල් මාසයේදී සදහන් කළේ ස්වෛරී ණය පැහැර හැරීම සහ පුළුල් සාර්ව ආර්ථික පරිසරයේ වේගවත් පිරිහීම හේතුවෙන් උද්ධමනය සහ මුදල් අවප්‍රමාණය හා බැංකු වල ක්‍රියාකාරී නම්‍යශීලී බව අඩු වී ඇති අතර එහි ප්‍රතිඵලය වන්නේ මෙහෙයුම් වියදම් ඉහළ යාම, ඉපැයීම් මත දැවැන්ත පීඩනයක් ඇති වීම හා රටක් ලෙස වර්ධනය විය හැකි වේගයද අවම වීමයි. තේරුමක් පවා නොදත් ‘super default – මහා පැහැරහැරීමකට’ බියව සිටින විපක්ෂයේ ද සහය මෙම මෝඩ තීරණය සඳහා ලැබී ඇත්තේ එබැවිනි.

ගෝඨා ගිය ලෙසම නන්දලාලුත් ගෙදර යායුතුය. බර වචන භාවිතා කරමින් මිනිසුන් විශ්මයට පත් කිරීමට උත්සාහ කරන විද්වතුන් සහ අද්දැකීම් අඩු ‘පණ්ඩිතයින්’ සමඟ අපට තවදුරටත් අත්හදා බැලීම් කළ නොහැක. විදේශ විනිමය හිඟයක් හේතුවෙන් උද්ධමනය 100% කින් ඉහළ නැංවීම සහ පෙළපොත් මැදිහත්වීම්වලට ඇලී සිටීමෙන් විදේශ විනිමය ස්ථාවර නොකිරීමට මහ බැංකුව කටයුතු කිරීම ආදී ඔහු ගත් සමහර තීරණ ලිහිල් කිරීමට ගොස්, ඔහු ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජීවනෝපායට පිළිසකර කළ නොහැකි හානියක් කර ඇත.

ඔහුගේ තනතුරට සුදුසු, ඔහුට වඩා ප්‍රායෝගික පුද්ගලයන් ඕනෑ තරම් මහ බැංකුව තුළ නිසැකවම සිටිය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...