එයාර්පෝට් විරුවෝ රටට කරපු උදව්ව …

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජුලි 12 වනදා ඇමරිකාව බලා පිටව යාමට සූදානම් වුවත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිලධාරීන් සහ මගීන් ඇතුළු පිරිස් වෙතින් එල්ල වූ විරෝධය හමුවේ ඔහුට ආපසු හැරී එන්නට සිදුව තිබිණි.

ටිකට් පත් ලබාගෙන, අදාළ සියලුම කටයුතු සූදානම් කරගෙන සිටියදීත් රටින් පිටව යාමට නොහැකි වූ තැන ආපසු සිය වාහනය වෙත පැමිණි ඒ මහතා සිය කාර්ය මණ්ඩලය වෙත දුරකථන ඇමතුමක් ලබාගෙන “මම යන්නයි ලෑස්ති වුණේ. දැන් ඒකට ඉඩ දෙන්නෙත් නෑනෙ … එහෙනම් ඉතින් වැඩ ටික පටන් ගමු !” යැයි පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය දින කිහිපය අපේ රටට විරුවන් වැසි වැස්ස දින කිහිපයකි. යන්නට හැදූ බැසිල්ට යන්නට නොදී ආපසු කැඳවා ගත්තේ ද එවන් “එයාර්පෝට් විරුවන්” පිරිසක් විසිනි. ඒ අනුව මින් ඉදිරියට ලංකාවේ දේශපාලන කරළිය තුළ පොහොට්ටුවේ මැදිහත් වීමෙන් සිදුවන දහසක් හුටපටවලට මෙකී “එයාර්පෝට් විරුවනුත්” පසුවදා උසාවි ගොස් බැසිල්ට රටින් පිටවිය නොහැකි පරිදි වාරණ නියෝග ලබාගත් “උසාවි විරුවනුත්” වගකිව යුතුව ඇත. ඔවුන්ට හුරේ දැමූ “ෆේස්බුක් විරුවනුත්” වගකීමෙන් කොටසක් භාරගනු ඇත.

ශ්‍රී ලංකාව යනු කොහොමත් අහක යන නයි, හුඹහට රිංගන නයි අතින් ගෙන රෙද්ද අස්සේ දමාගෙන කනවෝ, කනවෝ කියනා රටකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...