*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මෙතෙක් කළ පරිදි ඉදිරියටත් හොඳටම කරන්න කැපවී සිටිමි – ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපිය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (14) පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ කියවනු ලැබිණි.

එය පහත පරිදි වේ.


2022 ජුලි මස 14 වන දින

ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ගරු කථානායකතුමනි,

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥා දී 2019 නොවැම්බර් 18 වන දින මා විසින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කර මාස තුනක් ගතවීමට පෙර මුළු මහත් ලෝකයටම බලපෑ කෝවිඩ් 19 මාරාන්තික වසංගත තත්වයට මුහුණ දීමට අප රටට ද සිදුවූ අතර ඒ වනවිට ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද එකී වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට මා හට හැකිවීම සතුටට කරුණකි. එමෙන්ම කෝවිඩ් 19 වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට 2020 සහ 2021 යන වසරවල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදුවිය. ඒ තුළින් ඇතිවූ අස්ථාවරත්වයන්ට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කරමින් සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලද අතර ඒ සඳහා ගත හැකිව තිබූ හොඳම පියවරයන් ගන්නා ලද බව මගේ පෞද්ගලික විශ්වාසය වේ.

පොදු ජනතාවගේ ඉල්ලීම 2022 ජුලි මස 09 වැනි දින ඔබතුමා විසින් මා වෙත දැනුම් දුන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38. 1 (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙන් 2022 ජුලි මස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි පියවර ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

තවද, මේ දක්වා මා උපන් මව්බිමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වය ලබාදීමට ඇප කැපවී සිටින බවත් වැඩිදුරටත් දන්වා සිටිමි.

මෙයට,
හිතවත්,

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan