දියවැඩියාවට ප්‍රධාන හේතුව බත්. ඒ නිසා ජනතාව බත් කන ප්‍රමාණය අඩුකරන්න ඕනෙ – ඇමති ලාල්

අපේ රටේ ජනගහණයෙන් 51% කට දියවැඩියා රෝගය ඇති බවත් ඊට ප්‍රධානම හේතුව බත් බැවින් ජනතාව ආහාරයට ගන්නා බත් ප්‍රමාණය අඩුකළ යුතු බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

“අද 51% කට දියවැඩියාව මේ රටේ. ඒකෙ ප්‍රධාන හේතුව තමයි බත්. ඒ නිසා බත් කන ප්‍රමාණය යම් අඩුවක් කරන්න ඕනෙ. ඒ කියන්නෙ අපේ අය පළතුරු කනවානෙ බත් අයින් කරලා. එහෙම නැත්නම් එළවලු කනවා – දොස්තර මහත්තයෙන් මගේ ළඟ ඉන්නෙ – අන්තිමට ඒ ඔක්කොම ග්ලූකෝස්. එළවලු කෑවත් ග්ලූකෝස්, පළතුරු කෑවත් ග්ලූකෝස්, බත් කෑවත් ග්ලූකෝස්. එතකොට තමයි මේ සීනි ප්‍රශ්නය එන්නේ. ඒ නිසා අපේ ප්‍රෝටීන් පංගුව වැඩිකරන්න ඕනෙ. ඔය මට චෝදනා කරන අය දන්නෙ නෑ. ඒගොල්ලන්ට ෂුවර් එකටම මං හිතන්නෙ දියවැඩියාවත් ඇති”

ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...