ගවඝාතකාගාරයක් ගෙනගිය බදුල්ලේ පාසල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (16) අලුයම් කාලයේ දී  බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් , බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක්  වටලා ඇත.

එහිදී,  ගවයින් හතර දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පැවසූවේ  බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනය ඉදිරියේ ඇති මෙම විදුහලට පොලිසිය පැමිණෙන විටත් මෙම ගවයන් මස්කරමින් සිටි බවත්  මස් කිරීමට සූදානම් කර තිබු අවුරුදු 3ක පමණ වන වහුපැටියෙක් බේරාගැනීමට සමත් වී ඇති බවයි .

පොලිසිය වාර්තා කරන්නේ , මෙසේ නීතිවිරෝධි ලෙස මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර, මස් නගරයේ ගවමස් වෙළෙඳසල්වලට සපයා ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ බවයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ, බෝගහකුඹුර, බණ්ඩාවෙල, හාලිඇල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අවුරැදු 47,49,39,48 යන වයස්වල අය බව පොළිසිය පවසයි .

පොළිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් එක් සැකකරුවෙක් මෙම අරාබි පාසලේ අරක්කැමියා බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...