රෝගීන්ට සිදූ වූ අපරාධ ගැන හොයන්න පත් කරපු කමිටු වගකීමෙන් වැඩ කරන්න – රවි කුමුදේශ්

Date:

මාධ්‍ය සාකච්ඡාව

  1. රෝගීන්ට සිදූ වූ අපරාධ ගැන හොයන්න පත් කරපු කමිටු වල අය, සිදුවීමක් වුණේ නෑ කියලා කියන්න තීන්දුව සාක්කුවේ දාගෙන යන්න එපා. පේරාදෙනිය ශික්ෂණ රෝහලේ දී සෙෆ්ට්‍රියැක්සෝන් ඖෂධය හේතුවෙන් සිදු වූ මරනය පිළිබඳ සෙවීමට ගිය කමිටුව, එම ඖෂධයේ කිසිදු වරදක් නොමැති බැවින් දිගටම භාවිතා කරන බව නිවේදනය කර පැය දෙකක් යන්නටත් මත්තෙන්, එම ඖෂධය නිසාම මහනුවර රොහලේ තවත් රෝගීන් දෙදෙනෙකු මාරාන්තික සංකූලතා ඇතිවී දැඩි සත්කාර ඒකකකයට ඇතුල් කර ඇත.
  2. ඖෂධ වලින් මිය යෑම සහ සෞඛ්‍ය ප්‍රශ්ණය සාමාන්‍ය එකක් බවට ඒත්තු ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල උත්සාහයක් ගනිමින් ඉන්නවා. මැරෙනෙ සංඛ්‍යාව සහ සංකූලතා ප්‍රමාණය සාමාන්‍ය තත්වයක් විදිහට ගත්තත් එය සංඛ්‍යත්මකව පවා අසාමාන්‍යයක් බව තහවුරු වෙමින් තිබියදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රශ්ණය එලෙස මග හැර යෑම බරපතලයි .

ඒ වගේම අපිට මේ වාර්ථා වන ප්‍රමාණයට වඩා විශාල සිදු වීම් ප්‍රමාණයක් වාර්ථා නොවී යට යන තත්වයක්ද ඇති වෙලා තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී පසු ගිය 28 වෙනිදා මාතාවක් මිය ගොස් තිබෙනවා. සිහි නැති කිරීම සඳහා එන්නතක් විද්දාට පසු ඇයට සිහිය නොපැනි බව පවුලේ හිතවතුන් පවසනවා. නමුත් මරණ සහතිකයේ හෝ වෙනත් තැනක ඒ බව සදහන් වෙන්නේ නෑ. ඒ අනූව ඖෂධයක අසාමාන්‍ය හැසිරීමක් නිර්ණය කිරීම සඳහා අත්‍යවශ්‍ය දත්ත ඒකරාශි කර ගැනීමක් පවා යාන්ත්‍රණයක් නොමැතිව, අමාත්‍යාංශය ඖෂධවලට සුදු හුණු කාලා, රෝගී අමාරුවේ දමමින් ඉන්නවා

රවි කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...