ඇමතිකම් ගැන පොහොට්ටුවෙන් රතු එළි. ජනපතිගෙන් සැර ප්‍රතිචාරයක් !

Date:

තමන්ගෙ පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් රැසකට කැබිනට් ඇමති තනතුරු දෙන්න කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවස්ථා ගණනාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබුණු බවත් ජනාධිපතිවරයා ඒ හැම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප කළ බවත් අපි මීට පෙර අවස්ථා ගණනකදීම වාර්තා කළා.

පසුගිය දවසක පොහොට්ටුවේ ජ්‍යේෂ්ඨයෙක් ජනාධිපතිවරයාගේ සමීපතමයකු හරහා මේ සම්බන්ධයෙන් නැවතත් පණිවිඩයක් යවලා.

“අපට ඉතාම ඉක්මනින් කැබිනට් ඇමති ධුර ඕනේ, නැත්නම් ඉදිරි මැතිවරණ වලදී අපට වැඩ කරන්නත් බැරිවෙයි” කියලා තමයිලු ඒ පණිවිඩයෙන් කියලා තියෙන්නෙ.

ඕක අහලා ජනාධිපතිවරයාට හොඳටම කේන්ති ගිහින් කියලා ආරංචියි.

“ඔය කියන දූෂිතයින්ට ඇමතිකම් දීලා මටත් ජනතාවගෙන් ගුටි කන්නයි වෙන්නේ. ඒක නිසා ඔය වැඩේ කරන්න බෑ. අනික ඒගොල්ලෝ උදව් කළත් නොකළත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න මම දැනටමත් වැඩ සැලසුම් කරලා ඉවරයි. ඒ වගේම පොහොට්ටුව පක්ෂයක් හැටියට තිබ්බාට එතන බහුතරය මට සහයෝගය දෙන්න පොහොට්ටුවෙන් එළියට එනවා” කියලා ජනාධිපතිවරයා උත්තර දුන්නා කියලා තමයි ආරංචිය.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...