ධෛර්යමත් වෙන්න පිටරටවල උදාහරණ ඕන නෑ,යාපනේ දරුවන් දෙස බලන්න  – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පවත්වන ග්ලෝකල් ෆෙයාර් 2023 හි දෙවැනි දිනයේ සමාරම්භක උත්සවයට හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය හා ශ්‍රම වාසනා අරමුදල විසින් පාසල් ළමුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසූවේ ,  එදා අපේ දරුවන්ට ජීවිතයට ධෛර්යය ලබාගැනීම සඳහා ජපානයේ ඔෂීන් ටෙලි නාට්‍ය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ජිවිතය ජය ගැනීම සදහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි  පැවසීය .

අමාත්‍යවරයා එහිදී ජනතාව අමතමින් මෙසේ පැවසීය.

” මම කියන්නේ යාපනයේ දරුවන් ආදර්ශයට ගන්න කියලයි. මේ යාපනයට අවුරුදු තිහක් පෙට්‍රල් තිබුණේ නෑ. භූමිතතෙල් තිබුණේ නෑ. විදුලිය තිබුණේ නෑ. බංකර්වල හිටියේ. රෑට කැලේ හැංගිලා හිටියේ. ඒත් මේ දරුවන් මහන්සිවෙලා ඉගෙන ගත්තා. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, පරිපාලන නිලධාරීන් මෙහෙන් බිහි වුණා.

අපිට නැගී සිටින්න, ධෛර්යමත් වෙන්න පිටරටවල උදාහරණ ඕන නෑ. යාපනයේ දරුවන්ගේ කතාව, යාපනයේ ධෛර්යයේ කතාව අපේ දරුවන්ට කියලා දුන්නොත්, ඒ ඇති රටක් විදියට ඉහළට එන්න .

ඔබ අවුරුදු තිහක්  විදපු ප්‍රශ්න දකුණේ ඇතිවුන ගමන්, දකුණේ මිනිස්සු පාරට බැස්සා. ඉන්ධන නැති වෙන කොට, විදුලිය නැති වෙකොට දේශපාලඥයින්ට ගහලා, මරලා, දැම්මා. ඒත් ඔබ දශක ගණනක් මේ අමාරුකම් අත්වින්දා. මේ වගේ වෙලාවක රටේම ඇතිවෙලා තියෙන ආර්ථික ප්‍රශ්ණයට විසදුම් දීලා, නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් බවට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගකීම් භාරගත්තා. එතුමා, මම, අපේ කැබිනට් මණ්ඩලය මේ මුළු රටේම දරුවන්ගේ අනගතය වෙනුවෙන් කැපවී වැඩ කරනවා”

ලෙස අමාත්‍යවරයා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...