තේ , පොල්, කුරුඳු, සඳහා භාවිතා කරන පොහොර මිල අඩු කෙරේ! 

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

අද (17) දින, කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිතා කරන පොහොර සඳහා මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙනු ලැබූ අතර, රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින සිට රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා මුදලකින් අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදන කරන කුරුඳු, තේ සහ පොල් සඳහා යොදා ගන්නා පොහොර වර්ග පහත දැක්වෙන මිල ගණන් අනුව අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සඳහන් වේ.

පොහොර වර්ගයවත්මන් මිල(කිලෝ 50ක බෑගය රුපියල්)අලෙවි කිරීමට නියමිත මිල (කිලෝ 50ක බෑගය රුපියල්)
APM9,0007,200
YPM8,0006,200
කුරුඳු (යූරියා)9,7507,950
කුරුඳු (SA)8,0006,200
TDM11,0009,200

පොහොර මිල ගණන් අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර , එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

මේ හැර රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙට්‍රික් ටොන් 01ක් රුපියල් 5000කින් අඩු කිරීමට ද කටයුතු යොදා තිබෙන අතර , කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා ලද බව කෘෂිකර්මහාවැවිලිකර්මාන්තඅමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්මහාවැවිලිකර්මාන්තඅමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල් අබේරත්න යන මහත්වරු මෙන්ම ජාතික පොහොර ලේකම් කාර්යාලය, රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා යනමහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...