ලොව විශාලතම සංගීත සැනකෙළිය (ටුමෝරෝලෑන්ඩ්) ප්‍රධාන වේදිකාව ගින්නෙන් දැවේ!

Date:

සටහන – පුලී

ජූලි 17, කොළඹ (LNW): බෙල්ජියමේ පැවැත්වීමට තිබූ ටුමෝරෝලෑන්ඩ් උත්සවයේ ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටුමෝරෝලෑන්ඩ් උත්සවය ආරම්භ වීමට දින දෙකකට පෙර මෙම සිදුවීම සිදුව ඇතැයි වාර්තා වෙයි.

ඔවුන්ගේ ප්‍රධාන වේදිකාවට දැඩි හානි සිදුවී ඇති බව උත්සව සංවිධායකයින් ඉකුත් බදාදා ප්‍රකාශ කර සිටින්නට විය.

ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු නොවූ බවත්, එයට හේතුව තවමත් පැහැදිලි නොමැති බවත් එම ප්‍රකාශයේ සඳහන් විය.

ටුමෝරෝලෑන්ඩ් මෙවර ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඊට 400,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

ඩේවිඩ් ගුටා, ලොස්ට් ෆ්‍රීක්වන්සීස්, ස්වීඩන් හවුස් මාෆියාව සහ චාලට් ඩි විට් ඇතුළු කලාකරුවන් සිය ගණනක් ඒ සඳහා සහභාගී වීමට නියමිතය.

සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද වීඩියෝවල වේදිකාව වැසී ගිය ඝන අළු දුමාරයක් පෙන්නුම් කළ අතර ගින්න මැඩලීමට ද අපහසු තත්ත්වයක් පැවතීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...