මේක කළොත් මාලිමා ආණ්ඩුවට හෙණ ගහන්න ඕනේ – මහාචාර්ය නිර්මාල් හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පතුරු අරී ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් මේ ආණ්ඩුවට හෙණ වැදිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

මහාචාර්යවරයා මේ බව පවසා ඇත්තේ එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා තුළින් ඉතිහාසය සහ පුරවැසි අධ්‍යනය යන විෂයයන් අනිවාර්යය නොවන විෂයයන් බවට පත්කිරීමට ගෙන ඇති පියවරට සිය දැඩි විරෝධය පළ කරමිනි.

මේ ආකාරයෙන් සිහිබුද්ධියක් නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට යාම යනු මෙරට අධ්‍යාපනයට කළ හැකි විශාලම හානියක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

“මේ ඉතිහාසය වගේ විෂයයක් නැතිව අපි කොහොමද ලෝකය ගැන අවබෝධ කරගන්නෙ ? මේ ලෝකය ගැන අවබෝධය අත්‍යාවශ්‍යම කාලයක්. මේක මේ නිකම්, ඕනෙ නම් කැමති නම් තෝරාගන්න පුළුවන් එකක් නෙවෙයි. පුරවැසි අධ්‍යනය වගේ විෂයයක් කැමති නම් තෝරගන්න එකක් වෙන්න බෑ. ඒක අධ්‍යාපනයේ අනිවාර්යය කොටසක් විය යුතුයි. ඒ නිසා මං හිතන්නෙ මේවා ගැන මේ විදියට හිතන්නෙ නැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න යාම අධ්‍යාපනයට කරන්න පුළුවන් විශාල හානියක්. මම කියන්නේ මේවා මෙහෙම කළොත් මොන හේතුවක් නිසාවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව – දැන් අපි අයිතිවෙන්නෙ මේ ඩෝබිලා වර්ගයටනෙ, ඒ කියන්නෙ හෝදන කට්ටියනෙ. මේක දාපුවාම මම දන්නවා මේවා එඩිට් කරලා දානවා, කමක් නෑ ඒත්, දාගන්න ඕනෙ නම් – හෙණ ගහන්න ඕනෙ ආණ්ඩුවට මේවා මෙහෙම කරනවා නම්. ඒ කියන්නෙ ඒ තරම්ම සිහිබුද්ධියක් නැතිව, හිතා බලන්නෙ නැතිව කරන වැඩ මේවා”

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව පවසා ඇත්තේ සිය යූටියුබ් නාලිකාවෙහි වීඩියෝවක් පළකරමිනි.

ඔහු ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම උදෙසා මතවාදීමය තලයේ විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකු වන අතර ජාජබ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහාත් සමාජ මාධ්‍ය ඔස්සේ මතවාදීමය වශයෙන් විශාල පිටුබලයක් ලබාදුන් අයෙකි.

හරිනි අමරසූරිය මහත්මිය මුලින්ම දේශපාලනයට පිවිසුනේත් මහාචාර්ය නිර්මාල් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් සිටි සමයේදී ගෙන ගිය 6% සටන තුළින් වීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICCPR සම්මුතිය තියෙන්නේ දේශපාලන පළිගැනීම් සඳහා නොවෙයි – විපක්ෂ නායක

කොළඹ LNW: දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය...

රදවා තැබූ BYD විද්‍යුත් වාහන 506ක් රේගුවෙන් මුදා හැරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : BYD විද්‍යුත් වාහන...

ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමයෙහි ඇතිවිය යුතු ප්‍රතිසංස්කරණයන්!

සැප්තැම්බර් 03, කොළඹ (LNW): හිටපු ජනාධිපතිවරයෙකු මෑත කාලීනව අත්අඩංගුවට ගැනීම...

සංචාරක කාර්යසාධක බලකායක් ස්ථාපිත කරයි!

කොළඹ LNW: සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක්...