ඊශ්‍රායලය සිරියානු අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිරියානු අගනුවර වන දමස්කස් වෙත ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමග , මැදපෙරදිග යළි යුද ගිනි ඇවිලෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය එහිදී සිරියානු අගනුවර රජයේ ගොඩනැගිලි කිහිපයකට ද පහරදී තිබුණ අතර, ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබූ බව සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කළේ සිරියාවේ ජාත්‍යන්තර හුදකලාව අවසන් කිරීමට අමෙරිකාව ගෙන ඇති පියවර පවා නොතකමින් බවයි . සිරියාව, ඊශ්‍රායලයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, රජයේ ගොඩනැගිලිවලට පහරදීම තරයේ හෙළා දකින බවයි.

සිය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ඉලක්ක වෙත එල්ල කරන ලද මෙම ප්‍රහාර භයානක තත්ත්වයක් ලෙස සිරියාව හඳුන්වා තිබෙන අතර, සිරියානු රූපවාහිනී නාලිකාවක් විසින් ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලට පහර දෙන ආකාරය සජීවීව විකාශය කර තිබුණි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ ජනාධිපති මන්දිරය අසල ප්‍රදේශයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් පවසා ඇත්තේ, සිරියානු දේශ සීමාව අසල පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයට එරෙහිව තර්ජන මතුවීම වැළැක්වීමට අවශ්‍ය බවයි.

තුර්කිය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් ඇතුළු කලාපයේ රටවල් කිහිපයක් සිරියාවට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැක තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...