ටික් ටොක් සමාගමේ නවතම එකඟතාව!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ LNW :

ටික් ටොක් සමාගමෙහි දකුණු ආසියානු රාජ්‍ය  සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ  මහජන කටයුතු ප්‍රධානී ෆර්දවුස් අල් මොටාකින්, සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) පැවති බව වාර්තා වේ. එම හමුවේ ප්‍රථිඵලයක් ලෙස, මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට ටික් ටොක් සමාගමේ එකඟතාව පල කර තිබේ.

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස්  ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා ටික් ටොක් සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇත. එහිදී ටික් ටොක් නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කමයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමග එවැනි සහයෝගීතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඩිජිටල්කරණ ක්‍රියාවලිය  කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ බව ද වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...