ඇහැ­ලේ­පොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත වෙයි!

Date:

කොළඹ LNW:සිංහලයේ අව­සන් රාජ­ධා­නිය හා බැඳුණු ප්‍රතා­ප­වත් චරිත 36ක ගේ ජීව­මාන ප්‍රමා­ණයේ අනුරූ ප්‍රති­නි­ර්මා­ණය කර­මින්, සෙංකඩගල ඇහැ­ලේ­පොළ වලව්ව පරි­ශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතු­කා­ගා­රය අද (17) ජනාධිපති අනුර කුමාර දිසා­නා­යක මහතා අතින් විවෘත විය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

පොත – පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුළ ජීවමානව දැක ගැනීමට මෙමගින් හැකියාව ලැබී තිබේ.

මෙම කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින්ට නවමු අත්දැකීමක් ද වනු ඇති.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන ස්වාමීන් වහන්සේලා සහ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී යන ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුද, විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්නගත කන්ටේනර් 323 සහ මිද්දෙනියේ කන්ටේනර් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බවට...

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...