පකිස්ථානයට බලපාන ලද මෝසම් වැසි හේතුවෙන් පැය 24ක් තුළ 63ක් මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථානයේ පන්ජාබ් පළාතේ ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගෙවුණු පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් 290 දෙනෙකු තුවාල ලබා තිබේ.

පකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව, මියගිය බොහෝ දෙනා ගොඩනැගිලි කඩා වැටීම, දියේ ගිලීයාම හෝ විදුලි සැර වැදී මිය ගොස් ඇත.

ගංවතුර හේතුවෙන් පන්ජාබ් පුරා අධිවේගී මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කර හෝ නවතා දමා ඇත.

සති අන්තය පුරාම තවත් වැසි සහ හදිසි ගංවතුරක් අපේක්ෂා කරන බැවින් පළාතේ මහ ඇමතිනි මරියම් නවාස් පැවසුවේ ප්‍රදේශ ගණනාවක හදිසි අවස්ථාවක් ප්‍රක්ෂයට පත්කර ඇති අතර රජයේ උපදේශයනට අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.

ජුනි අග භාගයේ මෝසම් වැසි ආරම්භ වූ දා සිට මේ දක්වා රට පුරා මියගිය සංඛ්‍යාව 180 කට ආසන්න වේ. ඔවුන්ගෙන් අඩකට වඩා දරුවන්ය.

මිලියන 250 කට ආසන්න ජනගහනයක් වෙසෙන පකිස්ථාන, දේශගුණික විපර්යාසයන්ට නිතර ගොදුරුවන රටවල් වලින් එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...