ප්‍රතිපත්තියක් නැතිව දිගින් දිගටම ණය ගත්තම මොකද වෙන්නෙ ? ලංකාව ඒකට උදාහරණයක් – IMF

Date:

දිගින් දිගටම විදේශ ණය ගැනීම් හේතුවෙන් සහ එම ණය නිසිලෙස කළමනාකරණය නොකිරීමෙන් තුන්වැනි ලෝකයේ රටවල් රැසක් අර්බුදයට ගොස් ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා. ඊට හොඳම උදාහරණය ශ්‍රී ලංකාව බවයි එම සංවිධානයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරිය පවසන්නේ.

ඉන්දුනීසියාවේදී මේ දිනවල පැවැත්වෙන G20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් කළමනාකරණ අධ්‍යක්ෂකවරිය මේ බව සඳහන් කළාය.

දිගින් දිගටම ණය ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන කටයුතු සඳහාද දෛනික විදෙස් රටවලින් ණය ලබා ගැනීමට සිදුව තිබේ. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ණය වාරික පියවීමද අත්හිටුවා ඇති අතර මේ නිසා මුල්‍ය අර්බුදයෙන් ගැලවීම සඳහා යළිත් ණය ලබා ගැනීමට නොහැකි වීමේ අර්බුදයකටද මුහුණ දී සිටී.

අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට දීර්ඝ ලෙස සාකච්ඡා කළ නමුත් තවමත් එය සාර්ථක වී නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84 🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22 🛑අතුරුදහන්...

හිටපු අමාත්‍ය සී. බී. අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : හිටපු අමාත්‍ය සී....

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...