2022 ජනවාරි – ජුලි අතර 156,000ක් විදෙස් රැකියා සඳහා ගිහින්

Date:

මේ වසරේ ජූනි මාසයේදී පමණක් රැකියා සඳහා 27,937 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් බහුතරය වූ 18,083 විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජූනි මාසයේදී 9,854 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.

මේ වසරේ ජනවාරි සිට ජූලි මාසයේ මුල් සතිය දක්වා රැකියා සඳහා විදේශ ගතවී ඇති සමස්ථ ප්‍රමාණය 156,179 කි. ස්වයං මාර්ගයෙන් 100,767 ක් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 55,411 දෙනෙකුද විදේශ ගතවී තිබේ.

ජනවාරි සිට මේ දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 39,216කි. කටාර් රාජ්‍යයට 36229, සෞදි අරාබියට 26,098ද, දකුණු කොරියාවට 3,219ද, ජපානයට 2,576 ක්ද රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

එසේම ජනවාරි සිට මේ දක්වා වෘත්තිය රැකියා සඳහා 46,992 කු හා සාමාන්‍ය වෘත්තිය රැකියා සඳහා 49923 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ගෘහාශ්‍රිත රැකියා සඳහා 38,871 දෙනෙකු විදේශ ගතවී තිබෙන බවට ශ්‍රී ලංකා විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...