සටහන – රුවන් නෙළුගොල්ල
අද (ජුලි 17) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
මේ අතර අද දිනයේදී නැගෙනහිර පළාතේත් වව්නියා සහ මොනරාගල දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ විස්තර සහිත අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.




