කැනඩාවේ ලැව්ගිනි සංඛ්‍යාව 800 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
කැනඩාව පුරා දැනට ලැව්ගිනි 800කට වැඩි සංඛ්‍යාවක් සක්‍රීයව දැවෙමින් පවතින අතර, ඒවායින් 100කට වැඩි ප්‍රමාණයක් පාලනයෙන් තොරව පැතිර යමින් ඇති බව බලධාරීන් පවසයි.

විශේෂයෙන් ඔන්ටාරියෝ, මැනිටෝබා සහ සැස්කැචුවාන් ප්‍රාන්තවලින් නැගී එන ඝන දුම් වලාකුළු දකුණු දෙසට ගමන් කරමින්, එක්සත් ජනපදයේ මධ්‍යම බටහිර සහ ඊසානදිග ප්‍රදේශ රැසකට බලපා ඇත. මේ හේතුවෙන් නිව් යෝර්ක්, මිචිගන්, විස්කොන්සින්, මැසචුසෙට්ස් ඇතුළු ප්‍රාන්ත රැසක වායු ගුණාත්මකභාවය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ටොරොන්ටෝ නගරය ලොව ප්‍රධාන නගර අතර ඉතාමත් නරක වායු ගුණාත්මකභාවයක් වාර්තා කළ නගරයක් බවටද පත්ව ඇති අතර, බලධාරීන් එළිමහනේ රැඳී නොසිටින ලෙසත්, විශේෂයෙන් දරුවන්, වයෝවෘද්ධයන් සහ ශ්වසන රෝග ඇති පුද්ගලයන් වැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් උපදෙස් ලබාදී තිබේ.

ලැව්ගිනිවලට හේතුව ලෙස දිගුකාලීන වියළි කාලගුණය, අධික උෂ්ණත්වය සහ අකුණු මඟින් හටගන්නා ගිනිගැනීම් සැලකෙන අතර, ඉදිරි දිනවල උණුසුම් හා වියළි කාලගුණය පවතින්නේ නම් ලැව්ගිනි ඇතිවිමේ තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...