කොළඹ කොටස් වෙළඳපොලේ මාස 15ක් තුළ අඩුම පිරිවැටුම අද වාර්තා වෙයි

අද (ජුලි 17) දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික පිරිවැටුම වාර්තා වී තිබුණේ රුපියල් මිලියන 722ක් වශයෙනි. මෙය මාස 15ක් තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම වේ.

මීට පෙර 2025 අප්‍රේල් 17 වනදා රුපියල් මිලියන 792ක දෛනික පිරිවැටුමක් වාර්තා වී තිබිණි.

එමෙන්ම 2025 අප්‍රේල් 22 වනදාට පසු රුපියල් බිලියනයකට අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූ පළමු දිනය ද අද දිනය වේ.

අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 42.16 කින් පහළ ගොස් 21,405.41 ක් වශයෙන් සටහන්ව තිබූ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 5.31කින් පහළ ගොස් ඒකක 5,999.68ක් වශයෙන් සටහන්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...