“විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල”: පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600 ක් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූලි 17 කොළඹ LNW :

“මුල් ළමාවිය සංවර්ධන ක්ශේත්‍රයේ ගුණාත්මකභාව ඉහල නැංවීමට පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600 ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක්”

“පෙර පාසල් සේවාව, රජය වගකියන නිශ්චිත වෘත්තීය රාමුවක් සහිත “සංවෘත සේවාවක්” බවට පත්කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් පවතිනවා.” සරෝජා සාවිත්‍රි පෝල්රාජ්කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය –

ඊයේ (16) දින මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතියේ තෙවන දිනය සනිටුහන් කරමින් මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලාගන්නන් වෙනුවෙන් වන ජාතික වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙවර මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය සැමරෙන්නේ “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන්න තේමා කරගනිමිනි.

දිවයිනේ සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි පෙර පාසල් ගුරුභවතුන් 600 ක් වෙනුවෙන් පෙර පාසල් දරුවාගේ සමාජ සහ චිත්තවේග සංවර්ධනයට හා සමාජානුයෝජනයට අවශ්‍ය පෝෂක පරිසරයක් ගොඩනැගීම සඳහා පෙර පාසල් ගුරුවරයාගේ සහ රැක බලාගන්නන්ගේ කාර්යයභාරය පිළිබඳව විද්වත් සාකච්ඡාවක් සංවිධාන කර තිබුණි.

මේ සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබුවේ ඇට්ලස් ඇක්සිලියා ආයතන විසිනි.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, තනාපතිවරුන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරන නිලධාරීන්, පෙර පාසල් ගුරුභවතුන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...