චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන බියුරෝවේ සාමාජිකයකු සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම්වරයා වන යුවාන් ජියජුන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ඒ අනුව ඒ මහතා ජුලි 19 සිට 23 වනදා දක්වා මෙරට සංචාරයක නිරත වනු ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ.
චොන්ග්කින්ග් යනු මිලියන 32ක ජනගහණයකින් සහ වර්ග කිලෝමීටර් 82,000ක භූමි ප්‍රමාණයකින් යුත් ඩොලර් බිලියන 430ක පමණ දළ දේශීය නිෂ්පාදනයක් සහිත මහනගර සභාවක් බවත් චීන තානාපති කාර්යලය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.
RN