යාපනය දූපත් අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින පාසලක ඉගෙනුම ලබන 9 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කයිට්ස් පොලිසිය විසින් ඊයේ (16) දිනයේදී අදාළ විදුහල්පතිවරයාව අත් අඩංගුවට ගෙන ඇත.
පසුගිය 13 වනදා මෙම පහරදීම සිදුව ඇති අතර පහර කෑමට ලක්වූ දැරිය යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.
දැරියගේ දෙමව්පියන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර ඇති අතර කයිට්ස් පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
RN