*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

රෝහණ විජේවීර එදා බලය ලබාගත්තේ නම් ….

ලාංකීය ඉතිහාසයේ සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් රෝහන විජේවීරයන්ගේ උපන්දින සංවත්සරය යෙදී ඇත්තේ ජුලි 14 දිනටය. ඔහුගේ ඒ ජන්මදින සංවත්සරය වෙනුවෙන් ඔහු ශුද්දෝතම ගැලවුම්කාරයෙකු ලෙස ඉහලට ඔසවන්නේද නැතිව ඔහුගේ බාවිතාව නිර්දය ප්‍රහාරයකට ලක්කරන්නේද නැතිව ඔහුව සහ ඔහුගේ අරගල බාවිතාව මධ්‍යස්ත විචාරයකට ලක් කිරිමට මම අදහස් කලෙමි.

ඔහුගේ දෙවන අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස සිටි මාහට ඒ සඳහා යම් අයිතියක් ඇතැයිද මම විස්වාස කරමි.

සමාජවාදී ජාත්‍යාන්තරය ජෝශප් ස්ටාලින් විසින් තනිරටේ සමාජවාදයට පල්ලම් බස්සනු ලැබූ සහ ඒ අනුව ගිය ලතින් ඇමරිකානු කලාපයේ ගරිල්ලාවාද සහ චීනය වගේ විශාල රටක සිදුවූ මාවෝ වාදයේ ජයග්‍රහණයත් නිසා පීඩිත පවුලක ඉපදුන විජේවීර නැමති අනුරාගික සටන්කරුවා මේ තනිරටේ සමාජවාදයේ සන්නද්ධ මාවතට පිවිසෙන්නට ඇති.

ඇත්තෙන්ම එය ඉතිහාස තත්වයකි… නමුත් එය හරි හැටි විහ්‍රහ කර නොගෙන මේ තනිරටේ කියුබානු කෙරුවාව මේ දැන් පවා මෙහෙට ගල්ප්පාගැනීමට යාම අධානාග්‍රාහීත්වයකි.

යම් හෙයකින් ලාංකීය පසුගාමී මහපොලොව මත ඔහු සැලසුම් කල හුදෙකලා සමාජවාදය බිහි උනි නම් එහි ප්‍රතිවිපාක ගැන කතාකිරිම පසෙක තබා ඔහු දියත්කල සන්නද්ධ අරගලයේ අත්දුටු ප්‍රාතමික බව පිළිඹඳව ලුහුඩින් සඳහන් කිරීමට අදහස් කරමි.

ලංකාව තුල සන්නද්ධ අරගල දියත් කල ව්‍යාපාරයෝ ද්විත්වයක් තිබින. එකක් ජ.වි.පෙ. ය, අනික එල්.ටී.ටී.ඊ. යයි.

සාපේක්ෂව ගත්කල එල්.ටී.ටී.ඊ.ය ස්වකීය සටන සඳහා අව්ශ්‍ය අවි ආයුධ, සහ තුවාල කරුවන්ට අවශ්‍ය බෙහෙත් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීමට සිය සාමාජිකයන් රටෙන් පිටතට යවා ව්‍යාපාර ඇරඹවීය..එහිදී ඔවුන් ප්‍රබල ජාත්‍යාන්තර වෙළඳජාලයක් තනාගත්තේය..ඒ ප්‍රතිපාදන හා සඹඳතා බාවිතා කොට ඔවුන් ඔවුට අවශ්‍ය නවීන අවි ආයුධ උපායශීලීව මෙරටට ගෙන්වා ගත්තේය..එසෙම ඔවුන් සටනට අවශ්‍ය යුධ විද්‍යාව හැදෑරීම සඳහා ස්ව්කීය සමාජිකයන් ලෝකයේ යුධ පුහුණුව ලබාදෙන ඊශ්‍රායලය වැනි රටවල් වලට පිටත් කර හැරියාය..ඔවුන් සාපේක්ෂව සුළුතරයක් වීම නිසා පරාජය උවද සටනේදී ඔවුන් තියුනු සටනක නියැලුනේය..

ඊට සාපේක්ෂව ජ.වි.පෙ. ගත්විට කුඩා ග්‍රාමීය බැංකු සහ වෙළඳ ආයාතන වලින් සරදියෙල් පන්නයෙන් කල රුපියල් පැහැර ගැනීම හැර ව්‍යාපාරයට අවශ්‍ය ධනෝපායන මාර්ග පිළිඹඳ පළල් දැක්මක් තිබූ බවක් පෙනෙන්නට තිබුනේ නැත..එසේම ජ.වි.පෙ.යේ සන්නද්ධ අරගලයට අවශ්‍ය අවි සපයාගැනීමේ ක්‍රමවේදය වූයේ ගමේ කම්මල් වලින් ගල්කටස් තනා ගැනීම සහ ඇතැම් නිවෙස් වල පුත්ගලික ආරක්ෂාවට සහ කෘෂිකර්මයේ ආරක්ෂාවට තිබූ පතොරොම් තුවක්කු එකතු කර ගැනීමයි..ඒ අතර බෙහෙත් කොටන තුවක්කුද, කඩුද එකතු කලේය…

එසේම නවීන හමුදාවක් සමඟ ගැටීමට අවශ්‍ය කරන යුධ විද්‍යාව හදාරන්නේ කෙසේදැයි පිළිබඳවද ඔවුන්ට අදහසක් තිබුනේ නැත..මෙහිදී තැන්තැන් වලින් එකතුකරගත් දැනීමේ තිබූ නුපුහුණු බව නිසාම ඔවුන්ගේ අවිවලින්ම ඔවුන්ට හානි පැමුනුනි..

මාගේ පැරණි මිතුරෙක් ඔහු දමාගැසීමට ගිය ඇස්ලෝන් බට බොම්බයක් අතේ පිපිරී ඔහුගේ දකුණු අතේ ඇඟිලි සියල්ල ඔහුට අහිමි විය..එවන් සිදුවීමකදී රජයේ රෝහලකට යනු විනා ප්‍රතමාධාරයක් දීමටවත් පහසුකමක් ව්‍යාපාරය තුල නොතිබිනි..

අවි ලබා ගැනීමට පක්ෂය යෝජනා කල අනිත් විකල්පය වූයේ හමුදාව සතු අවි පැහැර ගැනීමයි..නමුත් ඒ සඳහා අවශ්‍ය ආයුධ හෝ පුහුණුව හෝ ව්‍යාපාරයට නොතිබුනි..

එයට පක්ෂය යෝජනා කර තිබූ ක්‍රමවේදය අවි රහිතව පිහිකොට වලින් ඇන අවි පැහැරගත් වියට්නාම් යුද්ධයේ ආදර්ශයයි..ඒ සඳහා පක්ෂ සාමාජිකයා කල යුතු මහා ජීවිත කැපකිරීම සහ ජීවගුණය ගැන පක්ෂයේ දේශනවල සඳහන්ව තිබින..

එවන් එක් ප්‍රහාරයකට සම්බන්ද වූ මහනුවර දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන් කන්ඩායමක් සියළු දෙනාම හසුවී ඝාතනය වී තිබින..ඔවුන් මියගොස් තිබුනේ වෙඩිකා නොව ගුටිකෑමෙන්ය..

මට නම් ඒ අරගලය සාමූහිකව සියදිවි නසාගත් පිස්සුවකි..

යම් හෙයකින් පක්ෂය සටනින් බලය ලබාගත්තේ නම් එහිදී ද ක්‍රියාවට නැගෙන්නේ මේ අරාජික, සැලසුම් විරහිත, අදූරදර්ශී අනාරක්ෂිත ක්‍රමවේදයමයැයි මම සිතමි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan