සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (17)දහවල් 12.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වන අතර , ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙලෙස රැස්වීමට නියමිතයි.
පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් ද අවදානය යොමුකිරීමට නියමිතව ඇති අතර,පසුගිය 13 වනදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී පාර්ලිමේන්තුව හෙට (18) සිට 21 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබුණි. නමුත් එම තීරණයේ සංශෝධනයක් මෙතෙක් සිදුකර නොමැති අතර පාර්ලිමේන්තුව හෙට රැස්වීමට නියමිතය.
එහිදී ,තුළ දි රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිත අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
තවද, මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇති අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි .
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මෙම පාර්ලිමේන්තු සතියේ දී පැවැත්වෙන බවයි .
මේ අතර රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව පත් කළ කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මෙම පාර්ලිමේන්තු සතියේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුවත් කිරීමට නියමිත බව පැවසේ.
රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු වූ පිරිසක් එම කමිටුවට පත් කිරිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය සහ ජාතික ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් පසුගියදා ඉල්ලා අස්වී තිබුණු අතර, කථානායකවරයා විසින් පත්කළ කමිටුවට විරෝධතාවක් දක්වා එය සංශෝධනය කරන ලෙසට මෙම පාර්ලිමේන්තු සතියේ දී කථානායකවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර බලාපොරොත්තු වන බවද පැවසේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??