දකුණු කොරියාවේ වර්ෂාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට

Date:

දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව තද වැසි ඉදිරියටත් අපේක්ෂා කෙරේ.

දින ගණනාවක් පුරා දකුණු කොරියාවට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ නාය යෑම් හා ගංවතුර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 39 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

යුක්රේනයේ සංචාරයකින් පසු සෝල් වෙත ආපසු පැමිණි දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් විසින් බලපෑමට ලක් වූ ප්‍රදේශ විශේෂ ආපදා කලාප ලෙස නම් කර මුදවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස නියෝග කර තිබේ.

දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව අඟහරුවාදා රාත්‍රිය වන විට මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 සිට 200 දක්වා අමතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර තද වැසි ඉදිරියටත් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

රට පුරා, වර්ෂාපතනය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 10,570 ක් පමණ ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...