විජයදාස රාජපක්ෂගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Date:

රෂිකා හෙන්නායක ජූලි 18,කොළඹ (LNW) :

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්, ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබෙන බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මැතිවරණවල දී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බව, අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බව අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා එම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...