විජයදාස රාජපක්ෂගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Date:

රෂිකා හෙන්නායක ජූලි 18,කොළඹ (LNW) :

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්, ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබෙන බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මැතිවරණවල දී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බව, අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බව අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා එම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...