ඔබත් ඔබේ බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව පිළිබඳ දැනුවත් ද?

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ (LNW):

මෙරට ජනතාවගෙන් බහුතරයකට තම බැංකු කාඩ්පත්හි මුරපදය සහ බැංකු ගිණුම් දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නොමැති බව හෙළිවී ඇතැයි ලංකා පේ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා පැවසීය. ඒ , මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලද කමිටුවක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුවයි.

මේ හේතුවෙන් මිනිසුන් නිරන්තරයෙන් විවිධ වංචාවන්ට හසුවී මුදල් අහිමි කර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා වන බව ඔහු පෙන්වා දුන් අතර, මෙලෙස මූල්‍ය වංචා සඳහා හසුවූ බහුතරයක් ඉතාමත් පහසුවෙන්තම බැංකු ගිණුමේ තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබාදී ඇති බව නිරීක්ෂණය වන බවත්, මෙය මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නොදැනුවත්කම හේතුවෙන් සිදුවන්නක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ පිළබඳව නිරන්තරයෙන් වාර්තාවන සිදුවීම් ක්‍රමිකව වැඩි වන බවත්, විවිධාකාරයේ ඩිජිටල් ගනුදෙනුවලදී තම බැංකු ගිණුම් තොරතුරු මෙන්ම රහස් අංක පවා හුවමාරු කරගෙන මූල්‍ය වංචාවලට ගොදුරුවූ තැනැත්තන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...