සටහන – නිශ්මං රණසිංහ
ජූලි 18, (LNW) කොළඹ :
පැරිස් ඔලිම්පික් උළෙලට යවන ක්‍රීඩා කණ්ඩායමට අයත් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ සෞඛය තත්ත්වය සම්බන්ධයෙන් සියලු දත්ත සහිත ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් හෝ භෞත චිකිත්සකවරයෙක් නොමැතිව පැරිස් ගමන සංවිධානය කළ ජාතික ඔලිම්පික් කමිටුව එහි සාධ්‍ය අධ්‍යක්ෂ ලෙස සිවරාජා ගෝපිනාත්ගේ නම ද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත්,ක්‍රීඩා අමාත්‍යංශය ඔහුට අවසර ලබා දී නොමැති බව වාර්තා වෙනවා.
සිවරාජාට,මැක්ස්වෙල් ද සිල්වා ගේ නම ද ඇතුළත් සහ තවත් නිලධාරීන්ගේ නම ද ඇතුළත් චෝදනා කිහිපයක්ම එල්ල වි තිබෙනවා.ඒවා මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන්ය.එසේ තිබියදී 2024 මැයි 27 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී රටින් පලායාමට උත්සාහ කළ බවට චෝදනා ගොනු කරමින් සැක පිට අත් අඩංගුවට ගත් සිවරාජා,ආගමන විගමන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. සති දෙකකට වැඩි කාලයකට පසු, සිවරාජා ඇප ලබා ගැනීමට සමත් වූ අතර නඩුව තවමත් පැවතෙද්දී,යළිත් ඔහුට රටින් පිට වෙන්නට අවසර ඉල්ලා පැරිස් ගමණට නම එකතු කිරීම මැක්ස්වෙල් ද සිල්වා විසින් සිඳු කර ඇති බවට චෝදනා එල්ල වෙනවා.
රටින් පලා යාමට තැත් කළ බවට සැක පිට අත් අඩංගුවට පත් අයෙකුගේ අධිකරණ පරීක්ෂන තිබියදී රජයේ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරයෙන් ඔහුව විදේශ ගමණකට එකතු කිරීමට උත්සාහ කිරීම සදාචාර සම්පන්න නොවන තත්ත්වයක් මෙන්ම ආණ්ඩුව අපහසුවට පත් කිරීමට කරුණු දැන දැනම ගත් උත්සාහයක් වීමට ද හැකියි.මෙවැනි පුද්ගලයෙක් කණ්ඩායම සමඟ ගමන් කරන විට නැවත ආගමන විගමන නිලධාරීන් අත් අඩංගුවට ගතහොත් එය පැරිස් ඔලිම්පික් ගමණටද බාධා ඇති වන්නට ප්‍රමාද වන්නට සහභාගි වන්නන්ගේ මානසික තත්ත්වය අවුල් වීමට වැනි කරුණු ගණනාවකට බලපෑම් විය හැකියි.ඒ කිසිවක් නොසළකා සැකපිට සිටින අයෙකු ඔලිම්පික් කණ්ඩායමට නම් කර ක්‍රීඩකයින්ට අත්‍යවශ්‍ය වෛද්‍යවරයෙක් හෝ භෞත චිකිත්සකයෙක් නම් නොකිරීම ගැටළුකාරීයි.
එසේම මැක්ස්වෙල් ද සිලවා සමග ක්‍රීඩා සංගමයක චෝදනා එල්ල වූ නිලධාරියෙක්ට ද ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් චෝදනා ගොනු නොකළ නිසා මේ පැරිස් ගමණට එකතු වීමට හැකි වී තිබෙන බව ද ක්‍රීඩා කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.මේ සංචාරයට නම් කළ ඇතැම් අය සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ද නිසි අවසරය නොලැබී ඇති බවත්,ඇතැම් අයෙකුට සභාපතිවරයා අනුමැතිය දී නොමැති බවත් වාර්තා වුණත් මේ වන විට මැක්ස්වෙල් සිල්වා මැදිහත්ව ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය සඳහා ඒ නම් ඉදිරිපත් කර තිබෙන බවත් පැවසෙනවා.එසේම ගෝබිනාත් ඉවත් කිරීම හැරෙන්නට මේ සංචාරයට අත්‍යවශ්‍ය වෛද්‍යවරයෙක් හෝ භෞත චිකිත්සකවරයෙක් අනිවාර්යෙන් ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ද කිසි විටෙක ඉල්ලීමක් පැමිණ නැහැ.
එහෙත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කරන ලද ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ස්වෙච්ඡා සේවයට කැදවා ඇති වෛද්‍යවරයෙක් ජාතික ඔලිම්පික් කමිටුවෙන් මේ සංචාරයට භෞත චිකිත්සකවරයෙක් ලෙස නම් කළ ද,ඔහු වෘත්තියෙන් භෞත චිකිත්සකවරයෙක් නොවීමේ අවදානම වැටි තිබෙන්නේ ක්‍රීඩකයින් මතය.
