රටට දැන් ඕනේ ව්‍යවස්ථා සංශෝධන නෙවෙයි ජනාධිපතිවරණයක්!

Date:

කොළඹ LNW:මේ මොහොතේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර ඒ සඳහා රට සූදානම් විය යුතු බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

මේ අතර යෝජිත නව පනත හරහා මැතිවරණ කල්දැමීමේ අවස්ථාවක් නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”දැන් මැතිවරණ කොමිසම අතට රටේ ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය ගිහින් තියෙනවා. නමුත් ඇතැම් අය උත්සාහ කරනවා තවදුරටත් මේ තත්ත්වය ව්‍යාකූල කරන්න, අවුල් කරන්න. මැතිවරණයක් නෑ කියලා පෙන්වන විදිහේ වැඩ කටයුත්තකට යන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවේ යම් විසංවාද වගන්ති ගෙනල්ලා. මතක තියාගන්න ඕන ව්‍යවස්ථාවේ වගන්තියක් වෙනස් කරන්න තුනෙන් දෙකේ බලය අවශ්‍යයි. ඒ 2/3 ට අමතරව 83 වෙනි වගන්තිය වැනි වගන්ති වෙනස් කරනවා නම් මේ අවුරුදු 10 ක් විතර පරණ මේ ව්‍යවස්ථා සංශෝධනයේ දහනමවෙනි සංශෝධනයේ තියෙන මේ කුඩා අඩුපාඩු හදන්න නෙවෙයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලිභාවය කීප අවස්ථාවකම ලබාදීලා තියෙනවා. මේ මෑතත් අවස්ථා දෙකකදී ලබාදීලා තියෙනවා. මේක කාලයයි, ධනයයි නිකන් නාස්ති කිරීමක්. ඒ නිසා සැප්තැම්බර් 17 – ඔක්තෝම්බර් 17 ඇතුලේ. රටේ ජනතාවට, රටේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේ අවස්ථාව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එය පැවැත්වීම් නැත්නම්, මේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග අතර ගමන් කිරීම වළක්වන්න බෑ. විශේෂයෙන්ම මේ රටේ පාලකයන්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු දෙනාම දැනගත යුතුයි. මේ රටේ මිනිස්සු, සෘජු ක්‍රියාමාර්ගයක් මගින් හිටපු ජනාධිපතිවරයා, හැටනම ලක්ෂයක ජනවරමක්, 52% ක ජනවරමක් ලබාගත් ජනාධිපති පලවා හැරපු විත්තිය. ඒ වගේම මේ රටේ ඒ ආර්ථික ප්‍රශ්නය ණය බර පිළිබඳ කාරණය 2028 ට කල් දැමීමක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් 2028න් පස්සේ ඕන ආණ්ඩුවකට රුපියල් ණය ගෙවන්න ඩොලර් ණය කරන්න වැඩපිළිවෙළක් නොතිබ්බොත් නැවත රට බංකොලොත් වීමේ අනතුර තියෙනවා. ඒ දක්වා කාලය කොහොමද රටේ ආර්ථිකය වර්ධනය කරන්නේ කියන එක තමයි අපි මේ වැඩපිළිවෙලෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල වටා ජනතාව දේශපාලන පක්ෂ, සංවිධාන, පුද්ගලයින් ඒකරාශී කරගෙන ඊළඟ ජනාධිපතිවරණයට නිසි අපේ ඉදිරිපත් කරලා ඒ ජනාධිපතිවරණය හරහා මේ රටේ ආර්ථික වර්ධනයක්, ආර්ථික ස්ථාවරත්වයක් තරුණ පරම්පරාවට අලුත් බලාපොරොත්තුවක් ලබාදෙන්න.” යනුවෙන් රණවක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) පස්වරුවේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රායෝගික වැඩපිළිවෙළේ සාරාංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට ගම්පහ නගරයේ දී එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...