ජනාධිපතිතුමා කොහාටවත් යන්නේ නැහැ. එතුමා ස්වාධීනව එයි – රංගේ

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස වන අතර ඔහු කිසිම පක්ෂයකට නොයන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

සියලුදෙනාට එකඟවිය හැකි පරිදි වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අතර වාර්තාගත ජන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපතිධූරයට පත්වෙනු ඇති බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණට හා සමඟි ජන බලවේගයට මෙම ජනධිපතිවරණය පරාජය භාර ගැනීමේ දැඩි වුවමනාවක් පවතින හෙයින් එම පරාජය ඉතා ඉක්මණින් උරුම කර දිය යුතු වන නිසා කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවද රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (17) මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද එක්ව සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...