මැතිවරණ කොමිසම කරන්නේ ආණ්ඩුවට ගේමක් ගහන්න කල්දීමක් – සජබ මන්ත්‍රී කිරිඇල්ල

Date:

කොළඹ LNW: ජූලි 17 වැනිදායින් පසු මැතිවරණය පැවැත්වීම සඳහා දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී තිබෙන මොහොතක මෙම මාසය අවසන් වනතෙක් සිටින්නේ ආණ්ඩුවට ගේමක් ගසා ගැනීමට කාලය දීමට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස දක්වමිනි.

රාහු කාලය බලා මැතිවරණයට දින නියම කිරීමේ සම්ප්‍රදායක් නොමැති බවද එහිදී මන්ත්‍රීවරයා කියාසිටියේය.

පක්ෂ නායක රැස්වීමේදී ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමක් ගැන සාකච්ජා නොවුණද ලබන සතියේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බවද හෙතෙම සඳහන් කරන ලදී.

”ජුලි 17 න් පස්සේ මැතිවරණ කොමිසමට බලය එනවා මැතිවරණයප්‍රකාශයට පත්කරන්න. ඇයිමාසේ අන්තිම වෙනකන් ඉන්නේ. සෑහෙන කාලයක සිට අපි දන්නවා මේ 17න් පස්සේ ඕනෑම වෙලවක මැතිවරණ තියන දිනය කියන්න පුළුවන්. ඉතාම පැහැදිලියි ආණ්ඩුවට ගේම ගහන්න කාලයක් දෙනවා මේ වෙන්නේ. අපිත් අවුරුදු 35ක් පාර්ලිමේන්තුවේ හිටියා. අපි දන්නවා රජයේ නිලධාරීන් හැරෙනකොට මොකටද හැරෙන්නේ කියල. 17 වෙනිදායින් පස්සේ තව දින 10ක් 12ක් දෙනවා කියන්නේ ආණ්ඩුවට ගේම් ගහන්න. ලබන සතියේ පාර්ලිමේන්තුව හරහා ගේමක් ගහන්න හදන්නේ. නැත්නම් අධිකරණය අල්ලාගෙන ගේමක් ගහන්න හදනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තුන් වතාවක් කියල තියෙනවා අවුරුදු 5යි කියල. රජයෙන් කියල තියෙනවා මුදල් දෙනවා කියල. මොකක්ද මේ ප්‍රමාදය.” යනුවෙන් එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...