බංග්ලාදේශයේ රැකියා කොටාවන්ට එරෙහිව ශිෂ්‍ය විරෝධතා උත්සන්න වීම හේතුවෙන් අන්තර්ජාල සේවා අත්හිටුවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට එරෙහිව පසුගිය ජුලි 01වනදා සිට බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාවයන් ආරම්භ වීමෙන් අනතුරුව මේවන විට එරට අන්තර්ජාල සේවාවන් අත්හිටුවා ඇති බව වර්තා වේ.

මෙම ක්‍රමය යටතේ, රැකියාවලින් තුනෙන් එකක් 1971 දී පකිස්තානයෙන් රට නිදහස් කර ගැනීම සඳහා සටන් කළ අයගේ පවුල්වලට හිමිවන අතර 2018 දී මහා ශිෂ්‍ය විරෝධතාවලින් පසු රජය කෝටාව නවතා දැමීය. නමුත් නැවත වරක් 1971 රට නිදහස් කර ගැනීමට සටන්කළ අයගේ ඥාතීන් විසින් පෙත්සම් ගොනු කිරීමෙන් අනතුරුව මහාධිකරණය එම තීන්දුව බල රහිත කරන ලදී.

මහාධිකරණ තීන්දුවට එරෙහිව රජය විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන මාසයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඉවසිලිවන්තව සිටින ලෙස හසීනා සිසුන්ගෙන් ඉල්ලා ඇති අතර සිසුන් කුසලතා මත පදනම් වූ ක්‍රමයක් සඳහා යා යුතු බවට ප්‍රකශ කරයි.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර පොලිසිය විසින් විරෝධතාවයන් පාලනය කිරීම වෙනුවෙන් රබර් උණ්ඩ, වෙඩි උණ්ඩ, කඳුළු ගෑස් භාවිතා කර ඇති අතර උද්ගෝෂණ හේතුවෙන් මේ වන විට සිසුන් 6 දෙනෙකු ජිවිතාශයට පත්ව ඇති අතර 500කත අධික පිරිසක් තුවාල ලබා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...