සුදුසුකම් ලැබුවත් දුවන්න වෙන්නෙ නැති හැඩයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 18, (LNW) කොළඹ :

පේරු රාජ්‍යයේ ලීමා නුවර පැවත්වෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට යාම සඳහා මේ වන විටත් පුහුණුකරු අසුනක් වෙන් කර ඇතැයි කියන ජ්‍යෙෂ්ඨයෙක් එම සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් සොයා ගොස් තනි ඉසව්ව දුවන්න නොසිතන ලෙසත්,සහය දිවීමේ ඉසව්වට පමණක් සහභාගි වන ලෙසත් කියන්නට පටන් ගෙන ඇත.

විදෙස් තරග අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්ට මේ ආකාරයට පුහුණුකරු හරහා බලපෑම් කරමින් තමන් යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයින්ට තර්ජනයක් වීම ආරක්ෂා කරන්න උත්සාහ කරන මෙවැනි වයසින් පමණක් නොව ආකල්පවලින් ද පැරන්නන් එකට එක්ව පෙරට යා යුතු දක්ෂ අනාගත පරම්පරාවක් මතුව තිබියදී ඔවුන් අතර ගැටුම් ඇතිවන ආකාරයට කටයුතු කිරීම ඛේදවාචකයකි.දශක ගණනක් පුරා මෙවැනි අත්දැකීම් විද ඇති පොකුරු පිටින් මතුවන අලුත් පරම්පරාවන් පෙති කැඩී විසිරුණු මල් සේ විනාශ වී අපේක්ෂිත ප්‍රතිපලවලින් ඈත් වන අවස්ථා අපි කොතෙක් දැක ඇත්තෙමු.

එහෙත් එක මුහුණක් හරි තමන්ගෙන් සංචාරවලට ගාල් වන්නේනම් එය පදනම් කරගෙන සංචාරවලට පුහුණුකරුවන් සේ එක් වීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇත.එසේම ආසන්න සංචාරවලදී මෙවැනි අය බලා ගැනීමත් යන කණ්ඩායමේ ඇතැම් අයට වගකීමක් ලෙස භාර ගන්න වී ඇති බව ද දැන ගන්නට ඇත.කෙසේ හෝ ජීවිතයේ දීර්ඝ කාලයක් ගෙවා ඇතත්,කැමති සහ නොගිය තැන්වලට යන්නට ඔවුන්ට ඉඩ දී සෙස්සන් ගැන සිතීම සාමාන්‍ය තත්ත්වය වී ඇති නිසා මෙවැනි අයගේ සංචාර වැළක්වීමට අපි උත්සාහ නොකරමු.දීර්ඝ කාලයක් කේෂ්ත්‍රයේ රැදී සිටීම,දක්ෂතා දැක්වීම ආදි කරුණුවලට උපහාර ලෙස එය එසේ සිඳු වුව ද කම් නැත.එහෙත් ඒ අවස්ථාව සමඟ අනුන්ගේ නහයේ වඳින හැරමිටි ඔවුන් අතට පත් කිරීමනම් අනුමත කළ නොහැකිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...