‘ඔබ ඇමරිකන් ජනාධිපති මිස ලෝක අධිරාජ්‍යයා නොවේ’ ලුලාගෙන් ට්‍රම්ප්ට කනේ පහරක්

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීලයට සියයට 50 ක තීරුබදු පැනවීමට හා හිටපු දක්ෂිනාංශික ජෙයාර් බොල්සොනාරෝට එරෙහි නඩු විභාගය අවසන් කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ බ්‍රසීලයේ ජනාධිපති වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් තම රට එක්සත් ජනපදයෙන් උපදෙස් නොගන්නා බවට ට්‍රම්ප්ට දැනුම් දී ඇත.

ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ අය සමඟ සමීප සබඳතා පවත්වන බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ, කුමන්ත්‍රණයක් දියත් කිරීමට සහ 2022 මැතිවරණයේදී ලූලාගේ ජයග්‍රහණය ආපසු හැරවීමට ගත් උත්සාහයන් සම්බන්ධයෙන් දැනට නඩු විභාගයකට මුහුණ දී සිටින අතර එයට බලපෑම් කරමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, වහාම ඔහු නඩු විභාග වලින් ඉවත්කළ යුතු බවයි.

මේ කරුණු සියල්ල සම්බන්ධයෙන් ඊයේ(17) දිනයේදී අන්තර් ජාතික මාධ්‍ය සාකච්ජාවක් හා එක්වෙමින් බ්‍රිසිල ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ලෝකයේ අධිරාජ්‍යයා වීමට නොව, එක්සත් ජනපදය පාලනය කිරීමට තමා තේරී පත් වූ බව ජනාධිපති ට්‍රම්ප් අමතක නොකළ යුතු බවත් බ්‍රසීල අධිකරණය ස්වාධින ආයතනයක් බවත්, එහි වරද කරුවන්ට පමණක් දඬුවම් ලබා දෙන බවත්, එහි තීන්දු තීරණ වලට මැදිහත් වීමට කිසිවෙකුට නොහැකි බවත්ය.

පසුගිය දා බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නුවර සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගේ සන්ධානයක් වන BRICS හි ප්‍රමුඛ සාමාජිකයෙකු ලෙස තම කටයුතු දිගටම කරගෙන ගියහොත් ඉහළ තීරුබදු පැනවීමේ දඬුවම්වලට ලක්වන බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් මීට පෙරද බ්‍රසීලයට අනතුරු අඟවා තිබු අතර මෙහිදී අනෙකුත් රටවල් සමඟ ආර්ථික සබඳතා සඳහා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රවේශය, ලූලා වැනි විදේශීය නායකයින් කෝපයට පත් කර ඇති අතර, ඔවුන්ගේ වෙළඳ හා දේශීය අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බ්‍රසීලයට කොන්දේසි නියම කිරීමට ට්‍රම්ප් දරන උත්සාහයන් ලෙස ඔහු දකින දේ ගැන කලකිරීම ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...