විස්සෙන් පහළ කාන්තා කණ්ඩායමට නේපාලයෙන් 7-0 ක ප්‍රහාරයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 18, කොළඹ LNW:

අවුරුදු 20 න් පහළ දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ නේපාලය සමඟ පැවති තරගයෙන් ද ශ්‍රී ලංකාවට ගෝල 7-0 ක පරාජයක් හිමි වුණා.ඒ අනුව තරගාවලිය පුරාවට බංගලාදේශය වෙතින් ගෝල 9-1 ක් ද,භූතානය වෙතින් 5-0 ක් ලෙස ද පරාජය වෙමින් ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට ගෝල 21 රැස් කරන්නට අවස්ථාව දී තිබෙනවා.පිළිතුරු ලෙස ඔවුන්ට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ගෝලයක් පමණයි.
ශ්‍රී ලංකාව මේ තත්ත්වය ගැන දරණ අදහස ඉතාමත් වැදගත් වෙනවා.මෙම ප්‍රතිපලයට අනුව පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව නඩත්තු කර පළක් නැතැයි වැනි හැඟීමක් වුව ද,අප විශ්වාස කරන්නේ කාන්තා පාපන්දුව නිවැරදිව නඩත්තු වන්නේ නැති බවයි.කාන්තා පාපන්දුව දෙස පිරිමි පාපන්දුවට සාපේක්ෂව අවධානය යොමු නොවීම මේ පරාජයන්වල කොටසක් ලෙස ගත හැකියි.


ශ්‍රී ලංකා පිරිමි පාපන්දුව ද තිබුණේ මෙවැනි තත්ත්වයක ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල පහළම අඩියේ වූ අතර එහෙත් මේ වන විට පැහැදිළි වර්ධනයක් පෙන්නුම් කරමින් ජයග්‍රාහී මාවතට පිවිස ලෝක ශ්‍රේණිගත කිරීම්වල ද ඉදරියට එමින් තිබෙනවා.මේ තත්ත්වය ගැන සිතීම වැදගත් වන අතර කාන්තා පාපන්දුව ද දකුණු ආසියාව තුළ වර්ධනය වෙමින් තිබෙනාකාරයට සාපේක්ෂව වඩා නිදහස් සංස්කෘතික පරිසරයක හැඳෙන ලාංකේය කාන්තාවට ද මේ තත්ත්වය මත ඉහළට ඒමට හැකියාව තිබෙනවා.


බංගලාදේශය වැනි මුස්ලිම් සංස්කෘතික පසුබිමක කාන්තාව දෙවැනි පුරවැසි තත්ත්වයේ සැළකුම් ලැබෙන මට්ටමක් වැඩි වශයෙන් දැකින්න ඇති රටකත් අද වන විට කාන්තා පාපන්දු ක්‍රීඩාව ලබා ඇති දියුණුව වැදගත් කොට සැළකිය හැකියි.සම්ප්‍රදායික ඇඳුම් රටාව පවා වෙනස් කර රටක් හැටියට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ආකල්ප වෙනස් වී ඇති ආකාරය මේ තරගාවලිය පැවත්වෙන්නේ බංගලාදේශයේම වීම නිසා හඳුනාගන්නට පහසුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...