සුදු වෑන් ආයෙ ඇවිත් ද?

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ LNW :

සුදු වෑන් රථයක් මඟින් , හතුඩුවේදී පැහැරගත් 15 හැවිරිදි පිරිමි ළමයකු අතරමගදී බේරීමට සමත්ව ඇති බව වාර්තා වේ. එහිදී පැහැර ගත් අදාළ දරුවා රත්නපුරයේදී වාහනයෙන් පැන ඇති බව පැවසේ.

පුද්ගලයකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද දුරකථන ඇමතුමකට අනුව, වෑන් රථයකින් පැහැරගෙන ගොස් සිටි මෙම දරුවා රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අවන්හලක් අසල සිටිනු දක්නට ලැබී ඇත.

පසුව මෙම තොරතුරු මත පදනම්ව, රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි රත්නපුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් එම දරුවා තම භාරයට ගෙන ඇත. පැහැරගැනීමට තැත් කළ කණ්ඩායම හඳුනාගැනීම සඳහා කහතුඩුව පොලිසිය සීසීටීවී දර්ශන විමර්ශනය කරමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...