Trincomalee Naval Exercise -TRINEX 2025 මෙවරත්..

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ LNW :

“ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025” (Trincomalee Naval Exercise -TRINEX), මෙවරත් පැවැත්විමට නාවික හමුදාව සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ඒ, ස්ථාවර සාගර කලාපයක් පෝෂණය කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරයේ සිට ජාත්‍යන්තර මුහුද දක්වා සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්‍ෂණ කටයුතු හා මෙහෙයුම් එකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්තර් ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් සහ නාවික හමුදා නෞකා බලඇණිය ජාත්‍යන්තර සමුද්‍රීය අභ්‍යාස සඳහා අනාගතයේදී සහභාගිවීමේදී අවශ්‍ය නව දැනුම කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණෙනි.

ඒ අනුව, නාවික හමුදාවේ නෞකා බල ඇණිය ඇතුළු සියළුම දියත් ඒකක, විශේෂ යාත්‍රා බලඝණය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් “ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025”, 2025 ජූලි 22 සිට 27 දක්වා නැගෙනහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...