වාහනවලට ලීසිං දෙන ප්‍රතිශත වෙනස් කෙරේ – විදුලි වාහන අධෛර්යය කර පෙට්‍රල්, ඩීසල් වාහන හා ත්‍රීවීලර් දිරිමත් කරයි !

Date:

මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලීසිං ආයතන විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ (ජුලි 17) දින නිකුත් කර තිබේ.

ඒ අනුව මීට පෙර 2018 පෙබරවාරි 08 දින නිකුත් කර තිබූ මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් 2025 ජූලි 17 දින නව මාර්ගෝපදේශයන් මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.

එහිදී 2018 වසරේ මාර්ගෝපදේශයන් හි දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන්, බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් මෙම නව 2025 මාර්ගෝපදේශයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව 2018 මාර්ගෝපදේශයන් අනුව ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව, වානිජ වාහන වෙනුවෙන් 80%ක්, මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 60%ක් දක්වා ද, ත්‍රීවීල් සඳහා 50% ක් දක්වා සහ වෙනත් වාහන සඳහා 70% ක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන වානිජ වාහන සඳහා ද මෙතෙක් ප්‍රවේශය හිමිව තිබූ 90% ක මූල්‍ය වහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 80% ක් දක්වා අඩුකර තිබෙන අතර, මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා තිබුණු 50% ණය සීමාව 60% ක් දක්වා ඉහළ දමා තිබේ.

මීට අමතරව එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථ සඳහා, වටිනාකමින් 25% ක් දක්වා පමණක් මෙතෙක් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබුණු අවකාශය නව මාර්ගෝපදේශයෙන් 50% ක් දක්වා ඉහළ නංවා ඇත.

2018 වසරේ මාර්ගෝපදේශයට අනුව හයිබ්‍රිඩ් මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දී තිබූ අවස්ථාව, එම කාණ්ඩය ඉවත් කිරීමත් සමඟින් පොදුවේ 60% ක් දක්වා පහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන වෙනුවෙන් මෙම නියමයන් බලපැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් අද (2025 ජූලි 18) දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් පහත දැක්වෙන ආකාරයෙන් සංක්‍රාන්ති විධිවිධානයන් බලපැවැත්වෙනු ඇති බවත් මහබැංකුව නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...