රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නඩුකරය අද (ජුලි 18) පස්වරුවේ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතාගේ නීතීඥවරුන් සහ අල්ලස් කොමිසමේ නීතීඥවරුන් යන දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මේ බව සඳහන් කළාය.

2012 වසරේදී ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඇති අතර අල්ලස් කොමිසම විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් ද රාජිත සේනාරත්න මහතාව නම්කර ඇත.

මේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්න ද විවිධ හේතු දක්වමින් එය මගහැර සිටි රාජිත සේනාරත්න මහතා සිය දුරකථනය ද විසන්ධි කර නිවස ද අත්හැර ගොස් ඇති බව අල්ලස් කොමිසම පසුගියදා අධිකරණයට දැනුම් දී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...