රන්ජන්ට නිදහස ලබාදීම 20 ට පසුව ?

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. අවස්ථා කිහිපයකදී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඊට ඔහුගේ එකඟතාවය හිමි නොවීය.

පසුගියදා මාධ්‍ය වාර්තා කළේ හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවයි. ඊට අදාල කටයුතු පිළිබඳව සොයා බලන්නැයි වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ මනුෂ නානායක්කාර මහතා පවසන්නේ තමා හා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වීමේදී ඉදිරිපත් කළ පළමු කොන්දේසිය වූයේ රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම බවයි. ඒ සම්බන්ධයෙන් තමන් දෙදෙනා මැදිහත් වී කටයුතු කරන බවද ඔහු පවසනවා.

මේ අතර රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම 20 වැනිදායින් පසුව සිදුවනු ඇති බව වාර්තා වේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම 20 වැනිදා සිදුවන අතර පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා යටතේ රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිවීම සිදුවනු ඇත.

රන්ජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබිණි. නඩු කටයුත්තක් සඳහා ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...