*
Friday, March 29, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුව වටා දැඩි ආරක්ෂක රැකවල් – සියලු පිවිසුම් මාර්ග වසා දමයි

පාර්ලිමේන්තු සංකීර්ණය වටා මේ වනවිට දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබෙනවා. පාර්ලිමේන්තුවට පිවිසෙන සියලු පිවිසුම් මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර හෙට දිනයේදී නාමයෝජනා කැඳවීම සිදු කෙරේ. ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අනිද්දා දිනයේදීයි.

ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දය සඳහා මේ වනවිටත් අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වන බව වාර්තා වේ. ඇතැම් විට අපේක්ෂකයන් පස් දෙනෙකු ඉදිරිපත්වීමේ හැකියාවක්ද තිබෙන බවිය වාර්තා වන්නේ.

අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කිරීම හේතුවෙන් අවසන් මොහොත දක්වා ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ පූර්ව නිගමනවලට පැමිණීමට නොහැකි වී තිබේ.

පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා සහාය ලබාදීමට තීරණය කර ඇති බව එහි ලේකම්වරයා ප්‍රකාශ කරන නමුත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඊට විරෝධය පළකර තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan