චරිත් සහ රඛිත හරක්කටාගෙන් ගත් සල්ලිවලින් කොටසක් භික්ෂුවක් හරහා පොලිස් ලොක්කන්ටත් දීලා – අල්ලස් කොමිසම

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලදී.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම අධිකරණයට දන්වා සිටියේ මේ සැකකරුවන් සම්බන්ධතා පැවැත්වූ භික්ෂුවක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බවත් මොවුන් ලබාගත් අල්ලස් මුදලින් කොටසක් මෙම භික්ෂුව හරහා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ලබාදී ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් ය.

“ස්වාමිනි, මේ සිද්ධියට අදාළව නම් කියවුණු අය අතර පමණක් දුරකථන ඇමතුම් 1,300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට ඉහළ පොලිස් නිලධාරින් සම්බන්ධ බවට නම් කියවුණා.”

“අල්ලස් ලෙස ලබාගත් මුදලින් යම් කොටසක් මෙම සැකකරුවන්ට සම්බන්ධ හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරින්ට ගොස් ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ හිමිනම කවුදැයි මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන්නම්.”

“ඒ වගේම මේ සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් අල්ලස් ලබාගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් මේ වෙද්දි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.”

සැකකරුවන්ගේ නීතීඥවරුන් විසින් ඇප ඉල්ලීමක් ද සිදුකළ අතර දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියම කළේ ඇප සම්බන්ධ නියෝගය ජුලි 28 වනදා ලබාදීමටත් එදින දක්වා සැකකරුවන් යළි රිමාන්ඩ් කිරීමටත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...