ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නෑ – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

රෂිකා හෙන්නායක ජූලි 18 කොළඹ LNW :

තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යැවූ ලිපියට තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.

ඊයේ (17) මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය අබේකෝන් සඳහන් කළේ, මෙම ධුරය භාරගන්නා අවස්ථාවේදීම කෙටි කාලයක් පමණක් සේවය කර ඉන් ඉවත් වීමට තමන් අදහස් කරන බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවයි.

කෙසේ වෙතත්, ‘ඩිත්ව’ (Ditwah) සුළි කුණාටුව ආශ්‍රිතව මෑතකදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මධ්‍යම පළාතට සිදුවූ හානි සැලකිල්ලට ගෙන තම ඉල්ලා අස්වීම කල් දැමූ බව ඔහු පැවසීය.

තම ඉල්ලා අස්වීමේ තීරණය පෞද්ගලික හේතුවක් මත ගත් එකක් බවත්, කිසිදු පුද්ගලයෙකු ධුරයෙන් ඉවත් වීම සඳහා තමන්ට බලපෑමක් හෝ පීඩනයක් එල්ල කර නොමැති බවත් මහාචාර්ය අබේකෝන් අවධාරණය කළේය.

තම ඉල්ලා අස්වීම ජූලි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...