අත්අඩංගුවට ගත් ‘හවුස් ඔෆ් ෆැෂන්ස්’ හිමිකරු රිමාන්ඩ් !

ප්‍රසිද්ධ නිමි ඇඳුම් ව්‍යාපාරයක් වන “හවුස් ඔෆ් ෆැෂන්ස්” සමාගමේ හිමිකරු වන ප්‍රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියම කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රේගු නිලධාරීන් පිරිසක් පෙරේදා අලුයම ප්‍රීති ජයවර්ධන මහතාගේ නිවසට පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔහු අත් අඩංගුවේ පසුවෙද්දී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ ඔහුව නිරීක්ෂණය කර, ඔහුව රිමාන්ඩ් කිරීමට නියම කර ඇත.

ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...