රෂිකා හෙන්නායක ජූලි 18 කොළඹ LNW :
ඩුබායි සිට මෙරටට පැමිණි මැලේසියානු ජාතිකයෙකු රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්රව්ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 23ක් වන මෙම සැකකරු චොකලට් බෝතල් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්රව්ය කරල් 92ක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කර තිබේ.
රේගු මත්ද්රව්ය පාලන අංශය විසින් සොයාගත් මෙම මත්ද්රව්ය තොගයේ බර කිලෝග්රෑම් 1යි ග්රෑම් 816ක් බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් විදේශිකයා සහ මත්ද්රව්ය තොගය ඉදිරි විමර්ශන සඳහා මේ වන විට පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාර දී තිබේ.


