ටෝක් දාන්න ආවොත් කන පැලෙන්න ගහනවා – පොස්පේට් සමාගමට ගිය ඇමති චාමරට මළ පනී ! (VIDEO)

Date:

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (17) පෙරවරුවේ එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී උණුසුම් තත්වයක් උද්ගත වී තිබිණි.

ඒ, එම ආයතනයෙහි ප්‍රශ්නකාරී ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් සේවකයින් විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ය.

එම සමාගමේ යන්ත්‍රවලට නොගැලපෙන අමතර කොටස් ගෙන්වීමෙන් රුපියල් ලක්ෂ 50කට අධික පාඩුවක් සිදුව ඇතැයි සේවකයින් විසින් අමාත්‍යවරයාට පෙන්වා දී තිබුණු අතර ඊට අදාළ නිලධාරියාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ ගෙන්වා ඇති අමතර කොටස් යන්ත්‍රවලට සවිකිරීමට නොහැකිය යන්න සත්‍යයක් වන නමුත් එහි වගකීම තමන්ට භාරගැනීමට නොහැකි බවත් තමන් කිසිදු වංචාවක් කර නොමැති බවත් ය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ නිලධාරියා අතර වචන හුවමාරුවක් සිදුවෙද්දී සේවකයින් පිරිසක් අදාළ නිලධාරියාට පහරදීමට උත්සාහ කරනු ද දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...