*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

මරු පන්ච් එකක්

අපේ සමහර මිණුම් වැරදිය.හුඟ දෙනෙක්ට අනුව ඩයන් ලොකු මිකිහෙක්ය.ඒ සල්ලි තියෙන නිසාය.ඒ සල්ලිකාරකම නොවන ලොකුකමක් ඩයන්ට ඇති බව පැහැදිළි කළේ රුසියානු ජාතික උමාර් ක්‍රෙම්ලෙව් පැහැදිළි කළේය.නූතණ ලෝකයේ දැනුම යනු හොද මිලකට අලෙවි කළ හැකි භාණ්ඩයක්ය.ලංකාවේ බොක්සිං ඩයන් ගොඩ දැම්මේ ඔහු මාස් හී සම්පත් යොදාගෙන කියන කාරණයට එකතු විය යුතු තවත් ඇත්තක් ඇත.ඒ ඩයන්ගේ පළල් විශය දැණුමය.ඔහු විශාල මුදලක් අය කරන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දේශකයෙකි.එම මුදල් බොක්සිං සඳහා යෙදවීමේ හැකියාව ඩයන්ට පෙන්වා දුන්නේ ප්‍රවීන මාධ්‍යවේදියෙක් වන ශමෙල් අමිට් ය.පසුව බොක්සිං පෝෂණය කරන්න ඒ දැණුමේ මුදල්ද වැටිණ.

ඩයන්ගේ සල්ලිකාර ලොකුකම බිංදුවට වට්ටවා හිටපු හෙවිවේට් සූරයෙක් මෙන්ම ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙක් වන ලෙවෙස්ටා ජෝන්ස් ජූනියර් ඇතුළු ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ පිරිසක් පිරිවරා ගෙන ක්‍රෙම්ලෙව් ආවේ පුද්ගලික ජෙට් යානයකින්ය.එහෙව් සල්ලිකාරයෙක් ළඟ ඩයන් කුඩා බව අමුතුවෙන් කිව යුතු නැත.නමුත් ක්‍රෙම්ලෙව් ඩයන්ට ගරු කරමින් පිරිවර සමඟ මේ ආකාරයට සංචාරය කිරිම අපට සාමාන්‍යයෙන් නොපෙනෙන ඩයන්ගේ ලොකුකම ගැන හිතන්නට කරුණු සිහියට නඟන්නේය.


පසුගිය කාලයේ ක්‍රිඩා අමාත්‍යවරයා ද ඩයන්ව කොනහන්නට වටින් ගොඩින් උත්සාහ කරමින්,තමන් දන්න අයව බොක්සිං මුල් පුටුවේ වාඩි කරවන්නට ගසන පුංචි කැරල්ලක පැත්තක සිටිනු අපි දුටුවෙමු.ඒ අමාත්‍යවරයාට ඇමතිකමක් යන්න දැනෙන රඟය.වටේම ක්‍රිඩා සංගම් ණය කරපු,ක්‍රීඩා සංගමයක නිල ව්‍යහුය යටතේ බලයට ඒමට නොහැකි,ක්‍රීඩා සංගම්වල සිට ක්‍රීඩාවට කරපු වැරදිවලට අදත් ණය ගෙවන ක්‍රීඩාවන් ඉතුරු කරපු මිනිස්සු ඔහුට හොඳ වී ක්‍රීඩාවට වැඩ කරන මිනිස්සුන්ට පයින් ගැසීම ඔහු ගේ පුරුද්ද වී ඇත.නමුත් ඩයන්ව කොනහන්නට සිය නියපොතු හයිය මදි බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට ඊයේ ජාත්‍යන්තර බොක්සිං සංගම් සභාපතිවරයා හමු වූ අවස්ථාවේදී වැඩි දුරටත් දැන ගන්නට ඇත.අද සභාපතිවරයා ජනාධිපති සහ අගමැති ද මුණ ගැසුණු පසු එය තව දුරටත් පැහැදිළි කර ගන්නට හැකියාව ඇත.


“රටක ක්‍රීඩා සංගම් පවත්වාගෙන යනු ලබන්නේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමටයි. ක්‍රීඩා ලෝලීන් තරගාවලි නැරඹීමට පැමිණෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා දක්ෂ ලෙස තරග කරන බැවිනි. ඔවුන්ගේ දක්ෂතා බැලීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර මුදල් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා වැය කළ යුතු අතර එය නිළධාරීන්ගේ පැවැත්ම සදහා යොදා නොගත යුතු බවත්, පවතින තත්ත්වය වෙනස් කර වංචා දූෂණ, අක්‍රමිකතා නොමැති ක්‍රීඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.”


ඉහත කොටස උපුටා ගත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා අතර සංවාදයේදී සභාපතිවරයා පැවසූ බව කියන වචනවලින්ය.ඒ වචන ටික තමන්ට ආදේශ කරගෙන සුපිරිසිදු සේ තමන් වටා සිටින සහ ජාත්‍යන්තරයේ සිට ද මේ රටේ ක්‍රිඩාවන් තමන්ගේ භුක්තිය වෙනුවෙන් වෙන් කර ගන්නට දත කන පිරිස් සමීප කරගෙන සිටින ඇමතිවරයාට සිය හෘදය සාක්ෂිය මත මහමෙරක් තැබූවා වැනි වචන මාලාවක්ය.


එසේම එම සටහනේ පහත අදහස ද උමාර් උපුටමින් දක්වා ඇත.
“ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය ජාති, ආගම්, දේශපාලන, ලිංග බේදයකින් තොරව මධ්‍යස්ථව සෑම දෙනා සමගම වැඩ කටයුතු කරන බවත්, දූෂණ හා වංචාවෙන් තොර ආයතන ව්‍යුහයක් පවත්වාගෙන යාමට උපරිම කැපවෙන බවත් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමර් මහතා පැවසීය. “
වැදගත්ම දේ උමාර් ක්‍රෙම්ලෙව් ඩයන් වෙනුවෙන් සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ බොක්සිං කියවා ගෙන ඉදිරියට කරන්නට බලාපොරොත්තුවන වැඩ සටහන් මාලාවය.
ශී ලංකාව සියලු දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන ආකාරයේ ප්‍රදේශ ඇති රටක් නිසා මෙරට ජා.්‍යන්තර තරග පැවත්වීම වැදගත් බවත් සඳහා අවශ්‍යය ජාත්‍යන්තර තරග පැවත්විය හැකි සහ ජාත්‍යන්තර මට්ටමේ බොක්සිං පුහුණු මධ්‍යස්ථානයක් සකස් කරන බවත් උමාර් ක්‍රෙම්ලෙව් පැවසීය.අමාත්‍යවරයාටම ඒ දුන් පොරොන්දුවෙන් පසුව ඔහු ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙමාල් ප්‍රනාන්දුට පැවසුවේ එම කාර්යය සඳහා වහාම මැදිහත්ව ව්‍යාපෘති වාර්තාවක් සකසා ඉදිරිපත් කරන ලෙසය.
බොක්සිං ක්‍රීඩාව පවත්වාගෙන යන පාසල් 100 ක් හා අලුතින් හදුනාගත් පාසල් 30 කට බොක්සිං ක්‍රීඩාව සදහා අවශ්‍ය පහසුකම් ලබා දීමටත් ජාත්‍යන්තර සභාපතිවරයා එකඟ වූ අතර මේ වසරේ ඩොලර් 50000 ක් සහ ඉදිරි වසරවල සිට ඩොලර් 100000 ක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට වැය කිරීමට ද ජාත්‍යන්තර බොක්සිං සංගමය එකඟ වන බවද පැවසීය.
වත්මන් තත්ත්වය නීරීක්ෂණය කිරීමේදී යම් ක්‍රිඩා රටාවේ ගුණාත්මක භාවයේ පිරිහීමේ ස්වභාවයක් පෙනෙන්නට තිබෙන අතර ඒ නිසා මේ වන විට පුහුණුකරුවන්ගේ දැණුම යාවත්කාලින කිරීම මෙන්ම කණිෂ්ඨ ක්‍රිඩකයින් සංචිත ගත කරමින් ඔවුන්ව පුහුණු කරන වැඩ පිළිවෙලක්ද ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයට ඇත.මේ තත්ත්වයට තව දුරටත් සහය වීමට කණිෂ්ඨ ක්‍රීඩකයින්ට රුසියාවේ පුහුණුව ලබා දීමට ද උමාර් ක්‍රෙම්ලෙව් බොක්සිං සංගමයේ විධායක සභාව සහ පුහුණුකරුවන්,විනිසුරුවන් ආදි කොටස් සමඟ සාකච්ඡාවේදී එකඟ වී ඇත.


ඇත්තටම මේක මරු පන්ච් එකක්.
බොක්සිං ශාක්ෂරතාවයම භාවිතයට ගනිමින් ඩයන් ට කිව යුත්තේ එයය.මේක වැටෙන අයට වැටෙන්නත් දැනෙන අයට දැනෙන්නත් ගැසූ පන්ච් එකකි.හෙට දවසේ ලංකාවේ බොක්සිංවලට ණය කැති මිනිසෙක් වෙන්න මේ ව්‍යාපෘති සියල්ල යථාර්තයක් වී රටේ බොක්සිං ජාත්‍යන්තරයේ නම කියවෙන තැනට සමීප වෙන දවසක් උදා වෙන්නේ හෙට අනිද්දාට නොවිය හැකිය.හැබැයි දැන් නැඟෙන්නට හිනි පෙළක් මේ හරහා කැනෙනු නිසැකය.
ගුඩ් ජොබ් ඩයන් ඒක මරු පන්ච් එකක්.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan